දේශපාලඥයන්ට එල්ල වී ඇති මරණ තර්ජන හා පාතාලය අතර සම්බන්ධතාවයක් ඇතැයි පොලිස්පතින්ම පවසයි. ….

දේශපාලඥයන්ට එල්ල වී ඇති මරණ තර්ජන හා පාතාලය අතර සම්බන්ධතාවයක් ඇතැයි පොලිස්පතින්ම පවසයි. ..

මෑත කාලයේ දේශපාලනඥයන්ට එල්ල වූ මරණ තර්ජන පිළිබඳව පරීක්ෂා කිරීමේ දී පොලිස් දෙපාර්තමේන්තුව වෙත වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර ඉන් ප්‍රධාන වශයෙන් මරණ තර්ජන එල්ලි වී ඇත්තේ පාතාලෙන් බවත් එසේ පාතාලයෙන් මරණ තර්ජන එල්ල වීම ිළිබඳව විමසා බැලීමේදී ඇතැම් දේශපාලඥයන් සහ පාතාලය අතර තියෙන සම්බන්ධතා ගණනාවක් පොලිස් මූලස්ථානයේ හෙළි කරගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත බියසූරිය මහතා පවසයි.මේ අනුව දේශපාලඥයන් ීර්ඝ කාලයක් පාතාලය සමඟ පැවති සබඳතා සහ ඉන් ඇතිවී තිබෙන අතුරුඵල අනුව ඇතැම් දේශපාලඥයන්ට පාතාලයෙන් මරණීය තර්ජන එල්ල වී ඇති අතර ඒ පිළිබඳව විමසා බලා අවශ්‍ය ආරක්ෂාව ෙන් දේශපාලඥයන්ට ලබා දීමට කටයුතු කරන නමුත් ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂවලින් සහ එහි සාමාජිකයන් හා දේශපාලඥයන් පිළිබඳව පක්ෂ විසින් විමසා බලා අපරාධ සහ පාතාල වලට සම්බන්ධ පුද්ගලයන්ට නාම යෝජනා නොදීම සහ එවැනි පුද්ගලයන්ට දේශපාලනයට අවතීර්ණ වීමට ඇති ඉඩකඩ ඇහිරීම තුළ මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි බව ද පොලිස්පතිවරයා අවධාරණය කරයි.