කාර්මික දෝෂයක් හේතුවෙන් හලාවත උඩුගුවනේ සැරිසැරූ තුර්කිය ගුවන් යානය නිරුපද්‍රිතව කටුනායකට යළි ගොඩ බායි…

හලාවත ගුවනේ සැරි සැරූ තුර්කි ගුවන් යානය අනතුරකින් තොරව කටුනායකට යළි ගොඩබෑමට නියමු සමත්වෙයි…

තුර්කි ගුවන් සමාගමට අයත් ඒ,303 ගුවන් මගීන් දෙසිය තුනක් සහිත කටුනායකින් තුර්කියේ ස්ථාම්බුල් ගුවන් තොටුපළ දක්වා ගමන් ගත් ගුවන් යානයෙහි කාර්මික දෝෂයකින් එහි රෝදයක් නිසි ආකාරව ගුවන් යානයට ඇතුළත් නොවීම හේතුවෙන් හදිසියේම එම ගුවන් යානයේ යළි කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස්වීම සඳහා හලාවත ‍ ප්‍රදේශය ආශ්‍රිතවත් උඩු ගුවනේ පැය දෙකක කාලයක් ගුවන්ගත වෙමින් අනතුරකින් තොරව යළි කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට එම ගුවන් යානයේ නියමුවා සමත් වී ඇතැයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගුවන් යානා අනතුරු වළක්වා ගැනීම සඳහා නියමුවා පියවර ගැනීම හේතුවෙන් කිසිදු අපහසුතාවකින් තොරව ගුවන් යානය ගොඩ බැස්සීමෙන් අනතුරුව මගින් බිමට ගත් බව පවසන ගුවන් තොටුපළ අධිකාරියෙක් යානය කාර්මික දෝෂ අලුත් වැඩියා කිරීම සඳහා යොමු කර මගීන් ආරක්ෂිතව හෝටල් කරා රැගෙන යෑමට කටයුතු කර බවට පවසයි.

ස්තුතියි ගුවන් යානයේ මෙම හදිසි කාරුණික දෝෂයෙන්ම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළට යළි ගොඩ බැස්වීම සම්බන්ධයෙන්ම වෙනත් කිසිදු ගුවන් ගමනකටු සිද්ධිය හේතුවෙන් අවහිරතාවයක් සිදු නොවන බවද ගුවන් තොටුපළ අධිකාරිය පවසයි