එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය සඊද් බින් මුබාරක් අල් හාජිරි මහතා අද (04/11) දින මා හමු වී සාකච්ඡා කළේ ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය සඊද් බින් මුබාරක් අල් හාජිරි මහතා අද (04/11) දින මා හමු වී සාකච්ඡා කළේ ය. එහිදී ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ විදේශ රැකියා වැඩි දියුණු කිරීම පිළිබඳවත් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්කර දෙන විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳවත් සාකච්ඡා කරන ලදී. දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ප්‍රගතිය සහ යහපාලනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව මෑත කාලීන අත්කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව මම රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දුන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයින්ට මෙරට ඇති පුළුල් පරාසයක විහිදුණු ආර්ථික අවස්ථා පිළිබඳව ද පැහැදිලි කළෙමි. එමෙන් ම මෙහිදී දෙරටේ ජාතීන්, රජයන්, ව්‍යාපාර සහ ජනතාව අතර හවුල්කාරිත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍යවරයා නැවත තහවුරු කළේ ය.